2022/2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6000ක් සඳහා උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීමට අදාළ කටයුතු මේ වන විට අවසන් අදියරේ පසුවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ජනාධිපති අරමුදල දැනුම් දුන්නේ, 2024 මැයි මස සිට මාර්තු, අප්‍රේල් මාසවල හිඟ වාරිකද සහිතව එම ගෙවීම් සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බවයි.
ඒ අනුව 2024 මාර්තු මස සිට ක්‍රියාත්මක වන පරිදි මසකට රුපියල් 6000 බැගින් වාරික 24ක් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය සිදු කරන බවයි වාර්තා වන්නේ.
තෝරාගන්නා ලද සිසුන්ගේ නාමලේඛන පළාත් වශයෙන් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවියේ පළ කරන බව සඳහන් වනවා.
එම වෙබ් අඩවිය පහතින්,
www.presidentsfund.gov.lk