ජා - ඇළ සුරා සැලකට මුද්‍රා තබා තිබෙනවා.
ඒ පොහොය දිනයේදී මත්පැන් අලෙවි කිරීම හේතුවෙන්.
පොහොය දිනයේදී සුරාබදු නිලධාරීන් විසින් ජා - ඇළ ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි පරීක්ෂණයකදී සිල්ලරට මත්පැන් අලෙවි කරන බලපත්‍ර ස්ථානයක් (සුරාබදු ර.බී. 04) විවෘත කර මත්පැන් විකුණා තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ එමනිසා අදාළ සුරාසැල මුද්‍රා තැබීමට කටයුතු කළ බවයි.
මේ සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර ඊට අදාළ නීතිමය පියවර ගැනීමටද නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
