01 March 2025


ඛනිජ තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි



ඛනිජ තෙල් ඇනවුම් කිරීමේ කටයුතුවලින් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

ඛනිජ තෙල් බෙදාහැරීම වෙනුවෙන් තමන්ට හිමිවන වට්ටම් මුදල කප්පාදු කිරීමට බලධාරීන් ගෙන ඇති පියවර හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට පවතින සංචිත බෙදාහැරීම පමණක් සිදුකරන බවත් අලුතින් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකර බවත් එම සංගමය සඳහන් කළා.

ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වන විට හිමිවන 3%ක වට්ටම් මුදල අහෝසි කර එය හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

(colmbotimes.lk)