21 January 2026

logo

ඇතිව තිබෙන තත්ත්වයක් ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් දැනුම්දීමක්



නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ මෙම සමාජ මාධ්‍ය සටහන් මඟින් පුද්ගලයන් නීතිපති ධූරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට උත්සාහ දරන බවයි. 

අපරාධමය නඩු කටයුතුවලට අදාළව නීතිපතිවරයා අර්ධ අධිකරණමය හෙවත් (quasi-judicial) කාර්යභාරයක් ඉටු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. 



(colombotimes.lk)