ඇමරිකාව විසින් මෙරටට පැනවූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් අතර පවත්වා තිබෙනවා.
ඒ ඊයේ (25) පස්වරුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේයි.
මෙරටට පනවා ඇති තීරුබදු අඩුකර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කරගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වී තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීන්ද මෙම මාර්ගගත සාකච්ඡාව සඳහා සම්බන්ධ වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)