මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ ඊයේ (25) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදීයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 7.75% මට්ටමේම නොවෙනස්ව පවත්වන බව එම රැස්වීමේදී සඳහන් කර තිබෙනවා.
දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වන බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
