අභිමානවත් 78වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය 2026 පෙබරවාරි 04වනදා අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදීයි.
Colombo Times අප මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ මේ වන විටත් ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවයි.
මෙම උත්සවයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු වැඩසටහන් සහ ප්‍රධාන උත්සව දිනය මූලික කරගනිමින් කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම සහ විකල්ප මාර්ග භාවිතය පිළිබඳ විශේෂ රථවාහන සැලැස්මක් ද පොලීසිය විසින් නිකුත් කර තිබෙනවා.
කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය ඒ සඳහා සූදානම් වන අයුරු Colombo Times අපගේ මාණ්ඩලික වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් වුණේ මෙලෙසින්, 



(colombotimes.lk)
