04 July 2025

logo

ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරය අදයි



ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරය අදට (10) යෙදී තිබෙනවා.

එයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙක්ට සහ සෙසු නිලයන් 1,273 දෙනෙක්ට නිල උසස්වීම් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අනුමැතිය මත එම උසස්වීම් ලබාදුන් බවයි.

(colombotimes.lk)