මෙවර ලෝක කුසලානයේ B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ස්ථානය පත්වී තිබෙනවා.
ඒ අද ඕමාන කණ්ඩායමට එරෙහිව පැවති තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟයි.
ඒ නුව සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් සහ ශුද්ධ දල ලකුණු ලබා ගැනීමේ වේගය 2.702ක් තබා ගනිමින් එහි පෙරමුණ හිමි කරගෙන තිබෙනවා.
ඕමාන කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.

