01 November 2025

logo

මියන්මාරයේ සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීම අවිනිශ්චිත තත්වයක



මියන්මාරයේ වහල් කඳවුරු වල සිරවී සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් 48 දෙනා මුදා ගැනීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇතිබව එරට මිලිටරි බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ආරංචි මාර්ග පැවැසුවේ, එයට හේතුවී ඇත්තේ එම වහල් කඳවුරු පවතින මියවඩි ප්‍රදේශයේ පාලනය වාර්ගික සන්නද්ධ කණ්ඩායම් සතුව තිබීම බවයි.
 
එම ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු සිරවී සිටි බවත් මේ වනවිට ඉන් 8 දෙනෙකු බේරා ගෙන ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

බේරාගත් 8 දෙනා තායිලන්තය හරහා ශ්‍රී ලංකාවට එවීම සඳහා ලියකියවිලි සුදානම් කරමින් සිටින බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)