කේරළ ගංජා කිලෝග්‍රෑම් 271 ග්‍රෑම් 835ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාගම ප්‍රදේශයේදීයි.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
