15 February 2026

logo

T20 WC - NZ Vs AFG | වාර්තාවක්ද සමඟින් කිවියන්ට විශිෂ්ට ජයක්



මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

ඒ කඩුලු 5කින්.

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ඨාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුලු 5ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

මෙම තරගයේදී කණ්ඩායම් දෙකම රැස් කළ ලකුණු සංඛ්‍යාව 365ක්.

මෙය වාර්තා අතර එක් වුණේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර T20 තරගයකදී වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.






(COLOMBOTIMES.LK)