colombotimes.lk
සිංහල | English

08 September 2024


WATCH VIDEO | නවදිල්ලියේ ගොවි පා ගමනකට කඳුළු ගෑස් ගසයි



ගොවීන් විශාල පිරිසක් නවදිල්ලි නුවර දක්වා දියත් කළ පා ගමනක් විසුරුවා හැරීමට ඉන්දීය ආරක්ෂක අංශ අද (13) කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

සිය නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම ඇතුළු‍ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුවයි ඔවුන් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ඇත්තේ.

නවදිල්ලි නුවරට කිලෝමීටර් 200ක් උතුරින් පිහිටි අම්බාලා ප්‍රදේශයෙන් මෙම පා ගමන ආරම්භ කර තිබෙනවා.

අප්‍රේල් මාසයේදී ඉන්දීය මහ මැතිවරණය ආරම්භ වීමට නියමිත අතර, ඊට පෙර ඉන්දියාවේ මෙවැනි ගොවි විරා්ධතා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)