02 February 2026

logo

එෂාන් හෙට තරගයට ක්‍රීඩා කරයිද? - ක්‍රිකට් ආයතනයෙන් නිල නිවේදනයක්



වම් උරහිසේ ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග එංගලන්තයට එරෙහි තුන්වන T20 තරගයෙන් ඉවත් කර තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු අද දිනයේදී කොළඹට පැමිණෙන බවයි.

එහිදී ආබාධ තත්ත්වය පරීකෂා කිරීම වෙනුවෙන් MRI ස්කෑන් පරීක්ෂණයකට භාජනය වීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

එංගලන්තයට එරෙහිව පැවති දෙවන T20 තරගයේදී පන්දු යවමින් සිටියදී මාලිංගගේ උරහිසේ ආබාධයක් ඇති වුණා.



(colombotimes.lk)