02 February 2026

logo

මෙරට රන් මිල පහළට



ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටීමත් සමඟ මෙරට රන් පවුමක මිල ද පහළ ගොස් තිබෙනවා. 

වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 12,000කින් පහත වැටී තිබෙන බවයි.

ඒ අනුව කැරට් 24ක රන් පවුමක් රුපියල් 368,000ක් වන අතර කැරට් 22ක පවුමක මිල රුපියල් 338,600ක් ලෙස සටහන් වී තිබෙනවා.
 
ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 4,687 සීමාවේ පවතින බවයි වාර්තා වන්නේ.
 
එය පසුගිය සිකුරාදාට සාපේක්ෂව ඩොලර් 200ක අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.

(colombotimes.lk)