 
                        මෙරට ජනගහන වර්ධන වේගය තවදුරටත් පහළ ගොස් තිබෙනවා. 
2024 ජන සංගනන වාර්තාවට අනුව මෙරට ජනහන වර්ධන වේගය දැක්වෙන්නේ 0.5%ක් ලෙසයි. 
එය 2012 ජන සංගනනයේදී 0.7%ක් ලෙස සටහන් වී තිබෙනවා. 
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අඩු ප්‍රතිශතයකින් වුවද මෙරට ජනගහනය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි. 
ජන සංගනන වාර්තාවලට අනුව මෙරට ජනහනය 14 ලක්ෂ 3731කින් ඉහළ ගොස් ගොස් තිබෙනවා. 
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට මෙරට ජනගහනය දෙකෝටි 17 ලක්ෂ 81800ක් බවයි. 
2024 ජන හා නිවාස සංගණනයට අනුව,
ස්ත්‍රී පුරුෂ සංයුතිය 
ස්ත්‍රී - 51.7%
පුරුෂ - 48.3% 
ජනවර්ග අනුව සංයුතිය 
සිංහල - 74.1%
ශ්‍රී ලංකා දෙමළ - 12.3%
ශ්‍රී ලංකා යෝනක හෝ මුස්ලිම් - 10.5%
ඉන්දියානු දෙමළ හෝ මලෛයහ දෙමළ - 2.8%
බර්ගර්, මැලේ, ශ්‍රී ලංකා වෙට්ටි, භාරත සහ වැදි - 0.3%    
ආගම් අනුව සංයුතිය 
බෞද්ධ - 69.8%
හින්දු - 12.6%
ඉස්ලාම් - 10.7%
රෝමානු කතෝලික - 5.6%
වෙනත් ක්‍රිස්තියානි - 1.3%
(colombotimes.lk)
 
 

