පවතින ආර්ථික අර්බුදය හමුවේ මහා පරිමාණ කර්මාන්ත මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ හේතුවෙන් ගිනිකෙළි කර්මාන්තයද මුහුණ දී ඇත්තේ, දැඩි අභියෝගයකටයි.
මෙවර උත්සව සමයේ ගිනිකෙළි අලෙවියද අඩකින් පමණ පහළ බැස ඇති බවයි නිෂ්පාදකයින් පවසන්නේ.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, ගිනිකෙළි නිෂ්පාදන කර්මාන්තය කරගෙන යාමට සහනයක් ලබා දෙන ලෙසයි.
(colombotimes.lk)
