උණ රෝගය හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ 8 හැවිරිදි දැරියකගේ අතක් ශල්‍ය කර්මයක් මඟින් ඉවත් කර තිබෙනවා.
මෙම දැරියට දින 7ක පමණ කාලයක් උණ රෝගය තිබී ඇති අතර පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් රෝගයට ප්‍රතිකාර ලබාගෙන ඇති නමුත් සුව නොවීම නිසා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලත් කළ බව සඳහන්.
දැරිය රෝහලට ඇතුළත් කර ගැනීමෙන් පසුව වාට්ටුව භාර හෙදිය දැරියගේ අතට කැනීයුලාවක් දැමීමෙන් පසුව ක්‍රමයෙන් ඇගේ අත අකර්මන්‍ය වන්නට පටන් ගෙන තිබෙනවා.
පසුව මේ පිළිබදව දැනුම්වත් වූ විශේෂඥ වෛද්‍යවරු තීරණය කර ඇත්තේ, දැරියගේ ජීවිතය බේරා ගැනීමට නම් වහාම ඇගේ අත ඉවත් කළ යුතු බවයි.
ඒ අනුව ඊයේ(03) දැරිගේ අත ඉවත් කර තිබෙනවා.
(Colombotimes.lk)
