26 November 2025

logo

ඉතිහාසයේ ප්‍රාථමික අතිරික්තය අවසන් වෙයි



ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල පවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක තත්ත්වයක් පවතින බවත් ඉතිහාසයේ ප්‍රාථමික අතිරික්තය ලබන වසරේදී සනිටුහන් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
  
ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප් මේ වන විටත් අදියර 3කින් වැඩිකර තිබෙන බවයි.
 
එමෙන්ම දූෂණ විරෝධී වැඩසටහන මඟින් ජනතා විශ්වාසය තහවුරු කර තිබෙන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
 
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය මූල්‍ය කටයුතුවලට අදාළ ඩිජිටල් ප්‍රතිසංස්කරණ බොහෝ ක්ෂේත්‍රවල සිදුකර තිබෙන බවයි.
  
එමෙන්ම දූෂණය අවම කිරීම මඟින් ආර්ථික වර්ධනය ඉහළ නංවාගත හැකි බවද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය කතාවේ සඳහන්.
 
2026 වසරේදී අධිකරණ පද්ධතිය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
 
ඔහු කියා සිටියේ 2025 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 823ක සෘජු විදේශ ආයෝජන ලැබී තිබෙන බවයි.
 
එමෙන්ම දේශීය සහ විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබෙන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ක්‍රමෝපාය සංවර්ධන පනත සහ වරාය නගර පනත සංශෝධනය කරන බවයි.
 
එමෙන්ම SVAT අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කර තිබෙන බවද ජනාධිපතිවරයා කියා සිටියා.
 
රාජ්‍ය වත්කම් අධීක්ෂණය සහ නියාමනය කළමනාකරණය කරන බව ජනාධිපතිවරයා ඉදිරිපත් කරන අයවැය කතාවේ සඳහන්. 
 
ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙන බවද ජනාධිපතිවරයා කියා සිටියා.
 
ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ 2026දී රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත සංශෝධනය කරන බවයි.
 
බදු සහන ලබාදීම මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිදභාවයක් ඇති කරන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. 

(colombotimes.lk)