06 February 2026

logo

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී ගිගුරුම් සහිත තද වැසි



උතුරු සහ නැගෙනහිර පළාත්වලටත් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් අද (06) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලටත් නුවරඑළිය, මහනුවර, කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
 
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

(colombotimes.lk)