ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (15) යෙදී තිබෙනවා.
මහ ශිව රාත්‍රී දිනය සැලකෙන්නේ හින්දු දහමට අනුව දෙවියන් අතර බලවත්ම දෙවිඳුන් ලෙස සැලකෙන ශිව දෙවියන් තම බල පරාක්‍රමය ලොවට විදහා දැක්වූ දිනය ලෙසයි.
හින්දු බැතිමතුන් රාත්‍රී නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පවත්වනවා.
එමෙන්ම අඳුර දුරු වී ප්‍රඥා ආලෝකය දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද (15) රාත්‍රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍ර කර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වීම ද සිදු කරනු ලබනවා.
(colombotimes.lk)
