 
                        ලෝක නගර දිනය අදට (31) යෙදී තිබෙනවා. 
මෙවර එහි තේමාව වන්නේ 'ජනතාව - මධ්‍යගත සුහුරු නගර' යන්නයි. 
සංවර්ධනයත් සමඟ ලොව විවිධ රටවල් මුහුණ දෙන නගර ආශ්‍රිත ගැටලු හඳුනාගනිමින් ඒ සඳහා ලෝක අවධානය යොමු කිරීමේ අරමුණින් ලෝක නගර දිනය සැමරීම 2014 වසරේ සිට ආරම්භ කර තිබෙනවා. 
එක්සත් ජාතීන් සඳහන් කළේ සීඝ්‍ර නාගරීකරණයත් සමඟ එහි වෙසෙන විවිධ ප්‍රජාවන්ගේ ගැටලු විසදීම සඳහා අරමුදල් සම්පාදනයේ දැඩි විශමතාවක් ඇති බවයි. 
සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේද නගර ආශ්‍රිතව ගැටලු රැසක් මේ වන විට වාර්තා වී තිබෙනවා. 
අක්‍රමවත් නාගරීකරණය සහ කසල කළමණකාරණය එම ගැටළු අතරට අයත්.
(colombotimes.lk)
 
 

