ශ්‍රී ලංකාවට පැමිණීමට තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ ඊයේ (25) කොළඹ පැවති උත්සවයකදීයි.
මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් එලෙස වීසා ගාස්තු අය නොකිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව ශ්‍රී ලංකාවට නොමිලේ වීසා බලපත්‍ර ලබා ගැනීමට හැකි රටවල් ලැයිස්තුව පහතින්,
1. මහා බ්‍රිතාන්‍යය
2. ජර්මනිය
3. නෙදර්ලන්තය
4. බෙල්ජියම
5. ස්පාඤ්ඤය
6. ඕස්ට්‍රේලියාව
7. පෝලන්තය
8. කසකස්තානය
9. සෞදි අරාබිය
10. එක්සත් අරාබි එමීර් රාජ්‍යය
11. නේපාලය
12. චීන මහජන සමූහාණ්ඩුව
13. ඉන්දියාව
14. ඉන්දුනීසියාව
15. රුසියාව
16. තායිලන්තය
17. මලයාව
18. ජපානය
19. ප්‍රංශය
20. ඇමරිකා එක්සත් ජනපදය
21. කැනඩාව
22. චෙක් ජනරජය
23. ඉතාලිය
24. ස්විට්සර්ලන්තය
25. ඔස්ට්‍රියාව
26. ඊශ්‍රායලය
27. බෙලරුස්
28. ඉරානය
29. ස්වීඩනය
30. ෆින්ලන්තය
31. ඩෙන්මාර්කය
32. කොරියාව
33. කටාර්
34. ඕමානය
35. බහරේන්
36. නවසීලන්තය
37. කුවේට්
38. නෝර්වේ
39. තුර්කිය
40. පාකිස්ථානය
(colombotimes.lk)