20 January 2026

logo

සීගිරියට එන සංචාරකයින් කරන වැරදි වැඩ ගැන අනාවරණයක්



සීගිරියේ සංරක්ෂණය කළ බැමි මත සංචාරකයන් ඇවිදයාම හේතුවෙන් ඉන් 70% ක් පමණ විනාශ වන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා සඳහන් කළේ සංරක්ෂණය කළ බැමි මත ඇවිද නොයන ලෙස උපදෙස් හා සංකේත මඟින් ඔවුන් දැනුම්වත් කර ඇති බවයි. 
 
එහෙත් බොහෝ සංචාරකයන් ඒ පිළිබඳව තැකීමක් නොකිරීමෙන් වාර්ෂිකව රුපියල් මිලියන ගණනක්, ඒවා නැවත සංරක්ෂණය කිරීමට වැය වන බව ද ඔහු කියා සිටියා.
 
මේ අතර සීගිරියට පැමිණෙන සංචාරකයන් දමාගොස් තිබෙන විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් ඒ අවට පරිසරයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)