පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට හලාවත අතර දුම්රිය ධාවනය අද (29) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආපදාවට ලක්වූ දුම්රිය කොටසේ අලුත්වැඩියා කටයුතු මේ වන විට අවසන් කර තිබෙන බවයි.
(colombotimes.lk)
