 
                        යාපනයේ විශ්වවිද්‍යාල පුස්තකාලයේ සිවිලිම මත සඟවා තිබී ටී 56 වර්ගයේ මැගසින් දෙකක් සහ පත්තරයකින් ඔතන ලද වයර් සහිත පාර්සලයක් හමුවී තිබෙනවා.  
කෝපායි පොලීසිය සඳහන් කළේ සිවිලිම පරීක්ෂා කිරීමට සේවකයන් එම පාර්සලය දැක පොලීසියට දැනුම්දුන් බවයි. 
එම දැනුම්දීමට අනුව කෝපායි පොලිස් ස්ථානයේ පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වෙත පැමිණ උණ්ඩ සහ වයර් සහිත පාර්සලය සිය භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම මැගසින් සහ වයර් රෝල මෙම ස්ථානයට රැගෙන ආවේ කවුද යන්න පිළිබඳව හෙළි කර ගැනීම සඳහා මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙන බවයි.
 
 
 

