ආර්ථික පරිවර්තනයට බලපාන තවත් පනත් දෙකක් සංශෝධනයට



2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සහ  2018 අංක 3 දරණ ආරක්ෂණ පියවර පනත යන පනත් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

රජය පවසන්නේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සකස් කිරීමේදී මෙම පනත් දෙක සඳහා අනුෂාංගික සංශෝධන හඳුන්වාදීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බවත් ඒ සඳහා වන පනත් කෙටුම්පත් සකස් කර, එම පනත් කෙටුම්පත් සඳහා නීතිපති අවසරයද ලබා දී ඇති බවත්ය.

ඒ අනුව අදාළ සංශෝධිත පනත් කෙටුම්පත් දෙක රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

(colombotimes.lk)