15 February 2026

logo

ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි



වියළි ගංජා කිලෝග්‍රෑම් 582ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් උඩවලව ජාතික වනෝද්‍යානයේ ගෝමගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හම්බේගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 47ක් සහ 51ක් වන කටුවන හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුවන් අද (08) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වන බවයි.

(colombotimes.lk)