colombotimes.lk
සිංහල | English

28 April 2024

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වෙයි



පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇත්තේ කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියක්.

මේ හේතුවෙන් කොළඹ යෑමට නියමිත නගරාන්තර දුම්රිය කිහිපයක් මහනුවර දුම්රිය ස්ථානයේ නවතා තැබීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)