colombotimes.lk
සිංහල | English

28 April 2024

උත්තර ලංකා සභාගයත් විපක්ෂයට සහය දෙයි



අද (26) රැස්වූ උත්තර ලංකා සභාගයේ පක්ෂ නායකයන් කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සඳහා විපක්ෂය අත්සන් තැබීම අද ආරම්භ කළා.

ඒ,මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කරගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ නොසලකා කටයුතු කිරීම හරහා කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින්.

මෙම විශ්වාසභංග යෝජනාව ලබන මස 05 වනදාට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදීමට විපක්ෂය සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)