colombotimes.lk
සිංහල | English

01 May 2024

වඩිවේල් සුරේෂ්ට සජබයෙන් දඬුවමක්



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පස්සර පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉවත් කර තිබෙනවා. 

ඒ අයවැය දෙවන වර කියවීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන්. 
 
ඒ අනුව පස්සර නව සංවිධායකවරයා ලෙස ලෙච්චුමනාර් සංජය පත් කර තිබෙනවා. 
 
ඔහු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගෙන තිබෙන බව සඳහන්.
(colombotimes.lk)