06 February 2026

logo

කාලගුණය යළි කැළඹෙයි



ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එළඹෙන දින 02 තුළදී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අවපීඩන තත්ත්වයක් කරා වර්ධනය විය හැකි බවයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි සමඟ අකුණු ඇතිවීමට හැකියාව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

(colombotimes.lk)