06 July 2025

logo

දිස්ත්‍රික්ක 12කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්.

මෙම නිවේදනය අද (25) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සහ අම්පාර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ සඳහන් වනවා.

 
(colombotimes.lk)