18 January 2026

logo

ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට



ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව බෑවුමකට පෙරළීමෙන් ඊයේ (17) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ ඉමදූව පොලිස් වසමේ 10 කණුව ප්‍රදේශයේදීයි.

එම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළු සිව් දෙනෙක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගිය කාන්තාව වයස අවුරුදු 36ක් වන ඉමදූව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

(colombotimes.lk)