හලාවත දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කළ ළමුන් දෙදෙනෙක්ගේ ගැටී ඊයේ (01) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ හලාවත කුරුණෑගල මාර්ගයේ ඉහළ කොස්වත්ත ප්‍රදේශයේදීයි.
එම අනතුරෙන් එක් දරුවෙක් මිය ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 13ක් වූ හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනෙක් දරුවා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
