27 September 2022
සිංහල | English

රුසියානු වධකාගාර තුළදී ශ්‍රී ලාංකික සිසුන්ට සිදු වූ දේ යුක්රේන මාධ්‍යවේදිනියක් හෙළිකරයි (PHOTOS)



රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා යුක්රේනයේ සිටි ශ්‍රී ලාංකිකයන් හත් (7) දෙනෙකු රුසියානුවන් විසින් පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා ඇති බව යුක්රේන මාධ්‍යවේදිනී මාරියා රොමෙනෙන්කෝ වාර්තා කරනවා. 

 
ශ්‍රී ලාංකිකයින්ට පහර දී ඇති බවත්, ඔවුන්ගේ නියපොතු ඉරා දැමූ බවත්, රුසියානුවන් විසින් නොමිලේ වැඩ කිරීමට බල කළ බවත් Kharkiv ප්‍රදේශයේ පොලිසිය උපුටා දක්වමින් මාධ්‍යවේදියා පවසන්නේ. 
 
වයස අවුරුදු 20-40 අතර වයස්වල පසුවන ශ්‍රී ලංකාවේ පිරිමින් 06 දෙනා සහ එක් කාන්තාවක් යුක්රේනයට පැමිණ ඇත්තේ සමස්ත ආක්‍රමණයට සති 03 කට පමණ පෙර බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 
 
මෙම පිරිස මීට දින කිහිපයකට පෙර කුපියන්ස්ක් හි නිවසක් කුලියට ගෙන ඇති අතර, ඔවුන් යුක්රේනයේ කාර්කිව් වෙත පලා යාමට උත්සාහ කරන තෙක් එම නිවසේ කලක් සැඟවී සිට තිබෙනවා. 
 
කෙසේ වෙතත්, ඔවුන් පිටව යාමට උත්සාහ කළ පළමු රුසියානු මුරපොලේදීම රුසියානු සෙබළුන්ට හසු වී තිබෙනවා. 
 
රුසියානුවන් ඔවුන්ගේ ඇස් බැඳ නාඳුනන දිශාවකට ගෙන ගිය බව කියනු ලබන අතර, එය Vovchansk නම් වූ ස්ථානයක් බවයි වාර්තා වෙන්නේ. 
 
යුක්රේනය විසින් එම ප්‍රදේශ මුදාගැනීමෙන් පසු ශ්‍රී ලාංකිකයින් 07 දෙනා නැවතත් Kharkiv වෙත පා ගමනින් යාමට උත්සාහ කළ බව මාධ්‍යවේදියා වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා. 
 
ශ්‍රී ලාංකිකයින් 07 දෙනා දැන් නිරුපද්‍රිතව සිටින බව පවසමින් මාරියා රොමෙනෙන්කෝ කියා සිටියේ කාර්කිව් ප්‍රදේශයේ පොලිසිය ඔවුන්ගේ නඩුව විභාග කරන බවයි.
(colombotimes.lk)