01 December 2022
සිංහල | English

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි - භානුකගෙන් විශේෂ ඉල්ලීමක්



ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව තරග ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා. 
 
මේ අතර ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම්කළ ශ්‍රී ලංකා සංචිතයෙන් තමාව නිදහස් කරන ලෙස භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 
 
කෙසේ වෙතත් ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාරය තවමත් නිල වශයෙන් නිවේදනය කර නැහැ. 
 
තමන්ට එක්දින තරගාවල විවේකයක් අවශ්‍ය බව පවසමින් භානුක රාජපක්ෂ මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. 
 
මේ අතර අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා භානුක රාජපක්ෂ වෙත අවසර ලබා නොදීමටද ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 
 
ඇෆ්ගනිස්තානය කණ්ඩායමට එරෙහිව තරග ශ්‍රී ලංකා සංචිතය පහතින්...
(colombotimes.lk)