ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (05) ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
තරගය පස්වරු 03.00ට ආරම්භ වන වනවා.
මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වන බව සඳහන්.
B කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තෝරා ගැනීමට සිදුවන්නේ මෙම තරගයේ ප්‍රතිඵලය අනුවයි.
එම තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර යම් හෙයකින් එම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය මත තීරණය කිරීමට සිදුවන බව සඳහන්.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ලකුණු ලබාගැනීමේ වේගය ධන 0.951ක් ලෙස සටහන්වන අතර ඇෆ්ගනිස්තානයේ ලකුණු ලබාගැනීමේ වේගය සටහන් වන්නේ සෘණ 1.780ක් ලෙසයි.
ඒ අනුව සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට දැනට වැඩිවාසි හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට බව සඳහන්.
(Colombotimes.lk)
