02 February 2026

logo

කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය කැඩූ අයට ලැබුණු දඬුවම මෙන්න



කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය කැඩීමේ නඩුවට අදාළ වරදකරුවන් වූ හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 5 දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 3ක සිර දඬුවම් නියම කර තිබෙනවා. 

ඒ කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් අද නඩුව කැඳ වූ අවස්ථාවේදීයි. 
 
දඩ සහ අත්හිටවූ සිරදඬුවම් නියම වූයේ කුරුණෑගල නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජිත් විතාරණ , හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න, හිටපු නාගරික ඉංජිනේරු චමිත් බණ්ඩාර අධිකාරි, කුරුණෑගල නගර සභාවේ වැඩ පරික්ෂක අයි.සුල්තිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන පස් දෙනාටයි. 
 
චෝදනා පහක් යටතේ චූදිතයන්ට එරෙහිව නඩු පවරා තිබුණා.
(colombotimes.lk)