01 February 2026

logo

රිවස්ටන් අද සිට යළි විවෘත කරයි



'දිට්වා' සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් සඳහා අද (1) සිට යළි විවෘත කර තිබෙනවා.

ඒ රිවස්ටන් සංචාරක කලාපය වෙත මාතලේ රත්තොට දෙසින් හා ලග්ගල දෙසින් ගමන් කිරීමට තිබූ මාර්ග දැඩි ලෙස අබලන් වී තිබූ අතර එම මාර්ග මාස 2ක් වැනි කෙටි කාලයක් තුළ යළි ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවීමත් සමඟයි.

ඒ අනුව සැහැල්ලු වාහනවලට පමණක් එම මාර්ග තුළින් ගමන්කර රිවස්ටන් සංචාරක කලාපය වෙත ඇතුළුවීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)