06 January 2025


තවත් බලපත්‍ර ගාස්තුවක් ඉහළට



බලපත්‍රලාභී වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන වාර්ෂික බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ පවත්නා බලපත්‍රලාභී බැංකුවල වත්කම් පදනම මත මෙම ගාස්තු අය කිරීම සිදුකෙරෙනවා. 
 
එහිදී රුපියල් බිලියන 25කට වඩා අඩු වත්කම් පදනමක් ඇති කුඩා පරිමාණයේ බලපත්‍රලාභී බැංකු සඳහා 2023 වසර වෙනුවෙන් රුපියල් මිලියන 3.3 ක බලපත්‍ර ගාස්තුවක් අය කරනු ලැබූ අතර එය 2024 සහ 2025 වසර සඳහා එක් වර්ෂයකට රුපියල් මිලියන 3.5 ක් බැගින් වනු ඇති. 
 
මේ අතර රුපියල් බිලියන 2,000 ක් ඉක්මවූ විශාල පරිමාණයේ වත්කම් පදනමක් සහිත බැංකු සඳහා රුපියල් මිලියන 38 ක් වූ වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 40 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. 
 
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ අදාළ ගාස්තු අදාළ වර්ෂයේ ජනවාරි 31 දින හෝ ඊට පෙර ගෙවිය යුතු බවයි. 
 
එක් එක් වත්කම් පදනම් කාණ්ඩ යටතේ 2024 සහ 2025 වසර දෙක සඳහා වාර්ෂිකව බලපවත්නා බලපත්‍ර ගාස්තු සටහන පහතින්...
(colombotimes.lk)
 
2023 වසර සඳහා අදාළ වූ බලපත්‍ර ගාස්තු පහත පරිදි වනවා.