15 February 2026

logo

වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී මාරක අනතුරක්



වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රන්දොඹේ ප්‍රදේශයේදීයි.

එම අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පසු පැදිකරු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදියේ පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා අවයස අවුරුදු 29ක් වන අළුත්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

(colombotimes.lk)