26 July 2025

logo

කීර්තිමත් සීල් පදක්කම ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා මෙන්න



ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ නිලධාරියෙක් වන ලුතිනන් කොයන් චමිත ඉතිහාසයට එක්වී තිබෙනවා. 

ඒ එක්සත් ජනපද නාවික සීල් භට පුහුණු වැඩසටහන සම්පූර්ණ කර කීර්තිමත් සීල් පදක්කම ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින්.

ඒ ලෝකයේ වඩාත්ම දුෂ්කර හමුදා පුහුණුව මාස 14ක් සම්පූර්ණ කිරීමෙන් පසුවයි.

ශ්‍රී ලාංකික කොයන් චමිතට අද සිට ඇමරිකා නාවික හමුදා සීල් භටයෙක් පළඳින විශේෂ පදක්කම පැළඳීමට හැකියාව පවතිනවා. 

(colombotimes.lk)