විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව දෙගුණයකින් ඉහළ දැමීමට කටයුතු කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ඒ අනුව අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5,000ක්ව පැවති සාමාන්‍ය සේවා විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 10,000 දක්වා ඉහළ දමා තිබෙනවා.
මෙම මිල ඉහළ දැමීම මාර්ගගත සහ මාර්ගගත නොවන අංශ දෙක සඳහාම වලංගු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
(colombotimes.lk)
