colombotimes.lk
සිංහල | English

28 April 2024

"බබී"ගේ අයිස් ඩිලිවරි බෑගයකින් මතුවෙයි



කුලී රථ සපයන ආයතනයක සේවය කරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට වෙන තිබෙනවා. 

ඒ පොලිස් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් යුක්තිය මෙහෙයුම යටතේයී. 
 
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සොයාගෙන තිබෙනවා. 
 
සැකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පන්නිපිටිය සහ කිරුළපන ප්‍රදේශවල සඟවා තිබූ අයිස් ග්‍රෑම් 332ක් සහ හෙරොයින් ග්‍රෑම් 50ක් ද අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සමත් වුණා. 
 
එම පුද්ගලයා, ඩුබායි සිට රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය කටයුතු මෙහෙවන කළුතර දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා නොහොත් 'බබී' නැමැත්තා සමඟ එක්ව මෙම ජාවාරමේ නිරත වන පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.
(colombotimes.lk)