colombotimes.lk
සිංහල | English

28 April 2024

රටේ දැවැන්තම සන්ධානය ජාතික ජන බලවේගය - ටිල්වින් සිල්වා



ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් පණ ගැට ගහ ගැනීම සඳහා සන්ධාන ගතවීම් සිදු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඒ කිසිදු සන්ධානයකට ජාතික ජන බලවේගය එකතු වන්නේ නැතැයි පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියා.

මේ රටේ දැවැන්තම සන්ධානය වන ජාතික ජන බලවේගය මේ වන විට විශාල ලෙස සන්ධාන ගතවී ඇතැයි පැවසූ ලේකම්වරයා දිනෙන් දින ඒ සන්ධානයට ජනතාව ඒකරාශී වන බව පෙනෙන්නට ඇතැයි ද ප්‍රකාශ කළා.
(colombotimes.lk)