colombotimes.lk
සිංහල | English

01 May 2024

මැතිවරණය ගැන පැෆ්රල් සංවිධානයෙන් අගමැතිට ලිපියක්



සාධාරණ පදනමකින් තොරව මාස 08 කට අධික කාලසීමාවක් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර නොගැනීම සම්බන්ධව පැෆ්රල් සංවිධානය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. 

මෙසේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි හේතුව ලෙස ආණ්ඩු පාර්ශවයෙන් සඳහන් කරනුයේ අත්‍යවශ්‍ය සේවාවන් වලට හැර ඉන් පරිබාහිර කටයුතු සඳහා මුදල් වෙන් කිරීම සඳහා අවකාශයක් නොමැති බව ලෙසයි එම ලිපියෙන් දක්වා ඇත්තේ. 
 
කෙසේවෙතත්, සුභ සාධන හා සංවර්ධන කටයුතු වලට දක්වන ප්‍රමුඛතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැංවීම සඳහා ඇති මැතිවරණ වලදී නොදැක්වීම කණගාටුදායක තත්ත්වයක් බව ද එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා. 
 
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට යැවූ සම්පූර්ණ ලිපිය පහතින්...
(colombotimes.lk)