මේ වසරේ පළමු මාස 03 තුළ සංචාරකයින් 635,784 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
එමඟින් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,025ක් බව අමාත්‍යවරයා සඳහන් කළා.
වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින්ගේ සංඛ්‍යාව මෙම වසරේ දී වාර්තා වීමට ඉඩ තිබෙන බව ද ඔහු කියා සිටියා.
