02 January 2026

logo

වයස අවුරුදු 18ට වැඩි අයට රජයෙන් අනිවාර්යය අංකයක්



ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2024 ජනවාරි 01 දින සිට බලාත්මක වන බදු සම්බන්ධ අවශ්‍යතා පිළිබඳව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ඕනෑම පුද්ගලයෙකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගැනීම අනිවාර්ය බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ලබන ඕනෑම පුද්ගලයෙක් තක්සේරු වර්ෂයක් සඳහා (අප්‍රේල් 01 සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා) ආදායම් බදු වෙනුවෙන් ලියාපදිංචි විය යුතුයි.

මෙසේ ලියාපදිංචි නොවන පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරනු ලබන අතර, දඩ මුදලකට යටත් වන බවයි අදාළ දැනුම්දීමේ දක්වා තිබුණේ.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න : http://www.ird.gov.lk/en/eservices/sitepages/registration.aspx?menuid=180101
(colombotimes.lk)