02 July 2025

logo

ප්‍රසන්න රණවීරගේ රිට් පෙත්සමට අභියාචනාධිකරණය දුන් නියෝගය



හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර්ගෙන් සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රසන්න රණවීර එම රිට් පෙත්සම ඉදිරිපත් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙක් වන මර්වින් සිල්වා ඇතුළු පිරිසක් මේ වන විට මහර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 

(colombotimes.lk)